අපගේ e-ROC සේවාදායකයිනි
සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව විසින් ඔබට පෙර දැන්වු පරිදි නඩත්තු කාලයෙන් පසු අපගේ සේවාදායකයින් සඳහා e-ROC පද්ධතිය දැන් භාවිතා කළ හැකි බව අපි ඔබට සතුටින් දන්වන්නෙමු. මෙම අක්‍රීය කාලය තුළ ඔබ දැක්වූ සහයෝගය අපි සැබවින්ම අගය කරන අතර අපගේ වටිනා ගනුදෙනුකරුවන්ට වඩාත් සුරක්ෂිතව සේවාව සැපයීම සඳහා අපි මෙතැන් සිට බොහෝ නවීකරණයන් සිදු කර ඇති බව ඔබට දන්වන්නෙමු.
නවීකරණය කරන ලද e-ROC පද්ධතියට ප්‍රවේශ වීම සඳහා ඔබට පහත සබැඳිය භාවිතා කළ හැකිය.
e-ROC පද්ධතියට ප්‍රවේශ වීමට පෙර කළ යුතු දේ
මෙය වෙබ් පාදක පද්ධතියක් බැවින්, ඔබේ වෙබ් බ්‍රව්සරයේ කරුණු කිහිපයක් පරීක්ෂා කිරීම අවශ්‍ය වේ,
- බ්‍රව්සරයේ පෙර ඔබ විසින් පරිශිලනය කරන ලද තොරතුරු ඇතුලත් බ්‍රව්සර් ඉතිහාසය තැන්පත් වි ඇති දත්ත ඇතුළුව ඔබේ වෙබ් බ්‍රව්සර ගවේෂණ ඉතිහාසය මකා දැමිම තුලින් ඉවත් කිරීමට ඔබට අවශ්‍යය.
ඔබගේ වෙබ් බ්‍රව්සරයේ වර්ගය අනුව එය කරන්නේ කෙසේදැයි දැන ගැනීමට පහත සබැඳි පරීක්ෂා කරන්න.
Google Chrome – https://support.google.com/accounts/answer/32050?co=GENIE.Platform%3DDesktop&hl=en
Mozila Firefox – https://support.mozilla.org/en-US/kb/how-clear-firefox-cache
Saffari – https://www.macworld.co.uk/how-to/mac-software/clear-safari-cache-3496193/
ඉහත සබැඳි උදව් නොවුයේ නම් ඔබ විසින් කරුණාකර අන්තර්ජාලයේ භාවිතා කරමින් සොයන්න, එහිදී ඔබට බ්‍රව්සර් ඉතිහාසය ඉවත් කිරීම පිළිබඳ මාර්ගෝපදේශ රැසක් සොයාගත හැකිය.
- e-ROC පද්ධතියට ප්රවේශවීමේදී ඔබට තවමත් ගැටළු තිබේ නම්, එයට හේතුව DNS යාවත්කාලීන කිරීම් අවශ්‍ය වන වෙනස්කම් කිහිපයක් අප විසින් සිදු කිරීමයි. ඔබට තවමත් පද්ධතිය සොයාගත නොහැකි නම් එයින් අදහස් කරන්නේ ඔබේ ISP හි DNS සේවාදායකය තවමත් නවතම වෙනස්කම් සමඟ යාවත්කාලීන කර නොමැති බවයි (සාමාන්‍යයෙන් මෙය පැය 48 ක් ගතවේ). නමුත් ඔබ ඉක්මන් වී e-ROC වෙත ප්‍රවේශ වීමට අවශ්‍ය නම් කරුණාකර පහත පරිදි ඔබේ පරිගණකයේ DNS සැකසුම් වෙනස් කරන්න.
ඔබේ පරිගණකයේ DNS “8.8.8.8” ලෙස තබන්න.
විවිධ මෙහෙයුම් පද්ධති වල මෙය සිදු කිරීම සඳහා කරුණාකර පහත සබැඳි පරීක්ෂා කරන්න
Windows 10 – https://www.windowscentral.com/how-change-your-pcs-dns-settings-windows-10
Ubuntu – https://vitux.com/how-to-change-dns-settings-in-ubuntu/
Mac – https://www.support.com/how-to/how-to-change-dns-settings-on-a-mac-10189
ඉහත සබැඳි උදව් නොකළේ නම්, කරුණාකර ඔබ සතු මෙහෙයුම් පද්ධතියේ නම භාවිතා කරමින් DNS වෙනස් කරන්නේ කෙසේද යන්න ගැන අන්තර්ජාලයේ සොයන්න.
ඔබට e-ROC පද්ධතියට ප්‍රවේශ වීම සම්බන්ධයෙන් තවදුරටත් වෙනත් විමසීම් ඇත්නම් කරුණාකර පහත විද්‍යුත් ලිපිනය භාවිතා කරමින් ඒ බව අප වෙත දන්වන්න.support@drc.gov.lk
ස්තුතියි,
තොරතුරු තාක්ෂණ අංශය
අවසන් යාවත්කාලීන කිරීම :