සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව මේ වසරේ නොවැම්බර් 1, 2 සහ 3 යන දිනවල බණ්ඩාරනායක ජාත්‍යාන්තර සම්මන්ත්රණ ශාලාවහි පැවති INFOTEL 2019 – ජාතික තොරතුරු තාක්ෂණ ප්‍රදර්ශනයට සහභාගි විය. සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව විසින් සපයනු ලබන මාර්ගගත සමාගම් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් e-ROC මාර්ගගත සේවාව පිළිබඳව අපගේ සේවාලාභීන් හට තොරතුරු ලබා දෙමින් හද්නවා දිමට මෙම ප්‍රදර්ශනය තුලින් අවස්ථාව ලබා ගැනිමට හැකි වීම අප ලද මහගු අවස්ථාවකි.
INFOTEL 2019 හි අපගේ කුටිය නැරඹීම ගැන සියලු අමුත්තන්ට අපි ස්තූතිවන්ත වෙමු.
මෙම අවස්ථාව සාර්ථක කර ගැනීම සඳහා සහයෝගය ලබා දීම පිළිබඳව සමාගම් රෙජිස්ට්‍රාර් ජනරාල් සහ සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ සියලුම කාර්ය මණ්ඩල සාමාජිකයින්ට විශේෂ ස්තූතිය පුද කිරිමට මෙය අවස්තාවක් කර ගනිමු.
INFOTEL 2019 – තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ප්‍රදර්ශනය සදහා අපගේ දායකත්වය ලබා දිමට අවස්ථාව ලබා දීම පිළිබඳව ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශයට විශේෂ ස්තූතියක් පුද කිරිමට කැමැත්තෙමු.
අවසන් යාවත්කාලීන කිරීම :