සමාගම් රෙජිස්ට්‍රාර් ජෙනරාල් ඩී.එන්.ආර්. සිරිවර්ධන මහතා දෙපාර්තමේන්තුවේ වසර 30 ක සේවා කාලය සම්පූර්ණ කරයි. ඔහු 1988 ජුනි 13 වන දින සමාගම් පරීක්ෂකවරයෙකු ලෙස සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධ වූ අතර පසුව සහකාර සමාගම් රෙජිස්ට්‍රාර් ලෙස උසස් කරන ලදී. ඔහු 2013 සිට සමාගම් රෙජිස්ට්‍රාර් ජනරාල් ලෙස සේවය කර ඇත. ඔහු දෙපාර්තමේන්තුවේ බොහෝ ක්‍රියාකාරකම්වල නිරත වූ අතර කැපී පෙනෙන ව්‍යාපෘතියක් වන්නේ තම කාර්යාලය තුළ e-ROC සමඟ පරිගණකගත කිරීම ක්‍රියාත්මක කිරීමයි. මෙතෙක් සහාය දුන් සියලුම කාර්ය මණ්ඩල සාමාජිකයින්ට ඔහු ස්තූතිය පුද කළ අතර කාර්ය මණ්ඩලය ඔහුට කෘතගුණ සැළකිම සදහා කෙටි උත්සවයක් සංවිධානය කළේය.
අවසන් යාවත්කාලීන කිරීම :